2024 වර්ෂයේ විගණන සැලැස්ම සකස් කිරීමේ වැඩසටහන


කළාවැව ජාතික මිරිදිය ධීවර සහ ජලජීවී වගා පුහුණු ආයතනයේ එක්දින වැඩසටහනක් ලෙස සංවිධානය කළ, 2024 වර්ෂයේ විගණන සැලැස්ම සකස් කිරීමේ වැඩසටහනට පසුගිය වර්ෂවලට අදාල විශේෂ කරුණු සාකච්ඡාවට භාජනය කළ අතර, එමඟින් අභ්‍යන්තර විගණනය සම්බන්ධ නව ප්‍රවණතා හා ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම සහ මූල්‍ය විගණනයේ දී මෙන්ම කාර්ය සඳහා විගණනයේ දී භාවිතා කරන ක්‍රම, පිළිවෙත් හා භාවිතයන් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම තුළින් විගණන කාර්ය සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කර ගත හැකිවිය. එසේම පළාත් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) යූ.එස්.අරුණරවී මහතාද වැඩසටහනට සම්බන්ධ වෙමින් ප්‍රධාන අභ්‍යන්තර විගණක, කණ්ඩායම් භාර නිලධාරීන් හා විගණන නිලධාරීන් සමග තම අත්දැකීම් හා අවබෝධයන් අනුව විගණන සැලැස්ම සකස් කිරීම සදහා දැනුම ලබා දෙන ලදී.

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன