උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් යටතේ පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන යනු ලබන අතර අප දෙපාර්තමේන්තුවේ සංවිධාන සටහන පහත පරිදි වේ.
අප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන්
- පළාත් රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම උදෙසා එම ආයතන වල පවත්නා අභ්‍යන්තර පාලන ක්‍රමවේදය පරීක්ෂා කර, එහි පවතින දුර්වලතාවයන් මගහරවාලීමට අවශ්‍ය උපදේශන හා මාර්ගෝපදේශන සේවා ලබා දීම.
- පළාත් රාජ්‍ය දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන වල විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් නියෝජනය කිරීම හා අවශ්‍ය මගපෙන්වීම ලබා දීම.
- පළාත් රාජ්‍ය අමාත්‍යංශ වල හා අමාත්‍යංශ යටතට නොගැනෙන ආයතන වල විගණන හා කළමනාකරණ කමිටු පැවැත්වීම.
- පළාත් රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්වීම්වලට සහභාගී වීම හා අවශ්‍ය සහය ලබා දීම.
- පළාත් අභ්‍යන්තර විගණන නිළධාරීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම.
- පළාත් රාජ්‍ය ආයතන වල සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය සොයා බැලීම හා කළමනාකරණය වෙත අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දීම.
- විශේෂ විමර්ශන හා පරීක්ෂන කටයුතු සිදු කිරීම.